සොයයි හදවත පිරුණු ඒ හඳ....

Header Ads


මැකී ගොස් ඇත අවට සෙවැනැලි
පියාඹා ඇත සියොත් කැළ දුර
ලොවම අඳුරේ ...
ගිලුනු යාමේ...
තවත් සොයමි ...  එළිය නුඹගේ ......

අවට ගස් වැල් දැරූ මල් ඵල..
කැකුළු මල් පෙති සිනා පෑවද...
සොයන්නේ එක සිනාවයි අද
සිත පුරාවට පිරී පවතින....

රැහැයි ගී හඬ.. නැගෙයි අවටින්..
බලයි තරු කැට හොරෙන් අහසින්....
ගිලෙයි කිමිදෙයි මතක පැස තුල..
සොයයි හදවත පිරුණු ඒ හඳ....

සොයයි හදවත පිරුණු ඒ හඳ.... සොයයි හදවත පිරුණු ඒ හඳ.... Reviewed by vijitha on 10:52:00 PM Rating: 5

No comments