Header Ads

"මා ගැබ්ගෙන සිටින්නෙමි"

"මා ගැබ්ගෙන සිටින්නෙමි"
ඇය ඇගේ ස්වාමියාට කීවා ය.
සිනා සී ඇය සිපගත් ඔහු,
"සොඳුර,
ඔබ වැරදි-
එය අප ගැබ්ගෙන සිටින්නෙමු
විය යුතුයි.
ඔබේ ගැබ,
අඩකින් මාගේ ය-
ගැබ් බර නො දැරුවද,
ඒ බර ඔබ දරන්නේ තනියෙන් ද නොවේ-
ඒ බර මටද දැනෙන්නේ ය.
ඔබ තනිව නොවේ-
ඔබ දරුවා දරා සිටි-
මා දරුවාද ද සමඟ,
ඔබ දරා සිටින්නෙමි.
හදවතින් ම සහ දෑතින් ම.
එ නිසා අපි ගැබ්බර වන්නෙමු -
ඇය සිනාසුණා ය.
ඇගේ දෑසේ කඳුළු විය,
"මේ ශෝකය නොවේ
සතුට ය."
ඇය කිවා ය.
"ඔබ වැනි හිමියෙකු- මා හිමියා ය."
ඔහු කීය ය වැඩි දුරටත්,
"කිරි බරෙන් කළු තලා ව ගිය,
ඔබ පියවුරු -
මාද දරන්නෙමි-
මගේ ලය ඒ ඔබ වෙනුවෙන් බර ව ඇත-
නො ගැලුවද කිරි බවට හැරවී,
ලේ උණුසුම් ය.
ඔබේ දරු බර දැරීමට,
දරු බර දරන ඔබ දැරීමට-
එනිසා
ඔබ නොවේ,
අප ගැබ්බර ය."
ඇය සිනාසුණා ය.
ඇගේ දෑසේ කඳුළු විය,
"මේ සතුට නොවේ,
ශෝකය ය.
ලොව සියලු ලඳුනට,
ඔබ වැනි හිමියෙකු නො සිටීම ගැන."
"මා ගැබ්ගෙන සිටින්නෙමි" "මා ගැබ්ගෙන සිටින්නෙමි" Reviewed by vijitha on 10:12:00 PM Rating: 5

No comments

Featured Posts

[Video][feat1]