Header Ads

ඔහු ඇත්තටම ඔබට ආදරය කරනවාද?


ඔබ යම් කෙනෙකු හා ආදරයෙන් බැඳී ඇත්නම් එය ඔහුගෙන් සැඟවාගෙන සිටීම ඉතාම අපහසු කටයුත්තක්. ‘ආදරයයි කැස්සයි හංගන්න බැහැ’ කියල කියමනක් තියෙන්නේ නිකමට නෙවෙයි. යුවතියක් වන ඔබට පමණක් නොවෙයි තරුණයෙක් වුණ ඔහුටත් එම කියමන එකසේම අදාලයි. බලන්න ඔබේ සිතේ ඉන්නා ඔහු තුළ පහත ලක්ෂණයන් තිබෙනවාද කියා,

ඔහු සෑමවිටම ඔබව සොයනවා.


මහා සෙනඟක් අතර හෝ ඔහුගේ පසෙකින් ඔබ සිටින විට හෝ, මේ සෑම අවස්ථාවකදීම ඔබ ඔහු අසලින් සිටිනවාදැයි තහවුරු කර ගැනීමට ඔහු කටයුතු කරනවා.

ඔබ සමඟ කාලය ගත කරන සෑම විටම ඔහු සිටින්නේ සතුටින්.


ඇතැම්විට ඔහු ගෙවන්නේ ජීවිතයේ අසීරු කාලයක් විය හැකියි. එසේ නැත්නම් යම් දෙයක් පිලිබඳ ඔහු අසතුටෙන් සිටිනවා විය හැකියි. ඒ තත්වයන් කෙසේ වුවත් ඔබ හා ගත කරන කාලය තුල ඔහු ඒ සියල්ල මදකට අමතක කර ඉතා සතුටින් ඉන්නවා නම් නිසැකවම ඔහු ඔබට ඉතාම ප්‍රිය කරන බව පැවසිය යුතුයි.

ඔබ උනන්දුවක් දක්වන දෑ පිලිබඳ දැනගැනීමට ඔහු උනන්දුවනවා.


ඔහුගේ හා ඔබගේ විනෝදාංශ වෙනස්, එසේත් නැත්නම් කිසිසේත්ම නොගැලපෙන ඒවා විය හැකියි. එසේ වුවත් ඔබ ප්‍රියකරන දෑ මොනවාදැයි දැනගැනීමට ඔහු උනන්දු වනවානම්, ඔබ ඒවා පිලිබඳ පවසන දෑ අසා සිටීමට ඔහු පැකිළෙන්නේ නැතිනම් ඔහුට ඔබ විශේෂ පුද්ගලයෙක්.

ඔහු ඔබට ප්‍රමුඛතාවය ලබා දෙනවා.


ඔබගේ අවශ්‍යතා පිලිබඳ ඔහු සැලකිලිමත් වනවා. ඒ වගේම ඔබේ ශරීර සෞඛ්‍යය ගැනත් ඔහු වද වනවා. ඔහු ඔබට ආදරය කරනවානම් ඔබේ ජීවිතයේ සිදු වන, සිදු වූ සියලු දෙයක් ගැනම දැනගැනීමට ඔහුට අවශ්‍ය වනවා. ඔබට යම් උපකාරයක් අවශ්‍ය වූ විට නොපැකිළිව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඔහු කිසිසේත් මැලි වන්නේ නැහැ.

ඔබ සර්වසම්පූර්ණ නොවන බව ඔහු දන්නවා.


පවතින යහපත් දේට අමතරව ඔබ තුල ඇති දුර්වලතා පිලිබඳ හොඳ අවබෝධයක් ඔහු සතුයි. වැදගත්ම දේ වන්නේ ඔබගේ යහපත් දෑ හා සමානවම මෙම දුර්වලතා හා අඩුපාඩු ද පිළිගැනීමට ඔහු සූදානම් වීමයි.

ඔහු ඔබ පිලිබඳ අවධානය දක්වනවා.


ඔබ කරන දෑ පිලිබඳ පමණක් නොව ඔබට පැවසීමට ඇති දෑ පිළිබඳවද ඔහු අවධානය දක්වනවා. ඔබ යම් දෙයක් පිලිබඳ අදහස් දක්වන විට එයට සාවධානව සවන් දීමට ඔහු පෙළඹෙන්නේ නිතැතින්.

ඔබේ සතුට ඔහුගේ ද සතුටයි!


ඔබ සතුටට පත්වන සෑම අවස්ථාවකදීම ඔහුත් සතුටට පත්වනවා. එපමණක් නොවෙයි ඔබ හා එම සතුට බෙදා හදා ගැනීමටත් ඔහු ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වනවා. ඔබේ ජීවිතයේ ඉලක්ක කරා යාමට ඔබව ධෛර්යමත් කිරීම මෙන්ම හැකි සෑම සහයෝගයක් ලබා දීමටද ඔහු පැකිළෙන්නේ නැහැ.


ඇස් බොරු කියන්නේ නැහැ!


ඔහු ඔබට ආදරය කරන බව වචනයෙන් කියා නැතිව ඇති. එහෙත් ඔහුගේ ඇස් ඔබ දකින විට දීප්තිමත් වනවානම්, ඔබ අහක බලාගෙන සිටින විට ඔහු ඔබ දෙස බලා ඉන්නවා නම් නිසැකවම ඔබ පිලිබඳ ඔහු තුළ ඇත්තේ දැඩි හැඟීමක්.


ඔබ හා සිටින විට ඔහු සෑම විටම අවංකව අදහස් පල කරනවා.


යම් දෙයක් පිලිබඳ ඔහු ඔබ හා කතා බහ කරන විට ඒ සෑම අවස්ථාවකදීම ඔහු ඒ පිලිබඳ තමන්ගේ අවංක හැඟීම් පවසා සිටිනවා. ඒ ඔහු ඔබව විශ්වාස කරන නිසයි. අදාළ මාතෘකා පිලිබඳ ඔබ හා ඉතා අවංකව අදහස් දැක්විය හැකි බව ඔහු දන්නා නිසයි.

ඔබ වෙනුවෙන් වැය කිරීමට ඔහුට කාලය තිබෙනවා.


කොතරම් කාර්යබහුල තත්වයක සිටියත් ලැබෙන විවේකයෙන් සුළු වෙලාවක් ගෙන ඔබේ සුවදුක් විමසීමට ඔහු කටයුතු කරනවා. එය ඇතැම් විට වචන දෙක තුනක කෙටි පණිවුඩයක් හෝ තත්පර කිහිපයක දුරකථන ඇමතුමක් හෝ විය හැකියි. නමුත් වැදගත් වන්නේ ඔබ පිලිබඳ සොයා බැලීමට ඔහු කුඩා කාලයක් හෝ වෙන් කරගන්නා බව සිතීමයි.
ඔහු ඇත්තටම ඔබට ආදරය කරනවාද? ඔහු ඇත්තටම ඔබට ආදරය කරනවාද? Reviewed by vijitha on 2:02:00 AM Rating: 5

No comments

Featured Posts

[Video][feat1]