Header Ads

අදෘශ්‍යමාන සිතැඟිය

කවුළුපියන් අතරින් ආ හිරුගේ ආලෝකයෙන් මගේ කුටිය එළිය වී ඇත. මම කණ්ණාඩිය ඉදිරිපිට සිටගතිමි. මොහොතක් කණ්නාඩියෙන් පිළිබිඹුව ඇති මගේ රූපය දෙස බලා සිටියෙමි.
කුමක් හෝ වරදක් ඇති බව මට මොහොතකට සිතුනි. කුමක්ද එය? නැවතත් කණ්නාඩිය දෙස බැලුවෙමි.
නූල් එකට ඇමිණී ගෙතුණු ඇඳුමෙන් ආවරණය වු මගේ සිරුර දෙස බැලු මම එකින් එක මගේ ඇදුම් අහවර කරීමට සිතුවෙමි.
නූල් එකට ඇමිණී ගෙතුණු ඇඳුමෙන් ආවරණිත සිරුර තව මොහොතකින් විවර වනු ඇත. එකින් එක ශරීරය වැසී තිබූ ඇඳුම් මගේ දෙපා අසල බිම වැතිරිණී.
හිසකෙස් එකට කැටි කොට ගැට ගසා තිබූ පටිය ද ගලවා දමා හිස ද නිදහස් කරගත් මම නැවත් කණ්ණාඩිය දෙස බැලුවෙමි.
කවුළුපියන් අතරින් ගලා ආ ආලෝකයෙන් මගේ සිරුර නැහැ වී ඇත, කණ්නාඩියෙන් පිළිබිඹුව ඇති මගේ සිරුර ආලෝකය නිසා ඔපවත් වී කෙතරම් ප්‍රියජනක දැයි මට සිතෙන්න ට විය.
උණුසුමද, සිසිලද කැටි වූ මගේ සිරුරු කෙතරම් ප්‍රියජනක දැයි මම නැවත නැවත කල්පනා කරන්න ට පටන් ගතිමි.
නිර්වස්ත්‍රයෙන් සිටි මට කිසියම් අව්‍යාජ බවක් දැනෙන්නට විය. සිතට මෙන්ම ගතට ද දැනෙන්නට වූයේ වෙන කවරදාකවත් නොදැනුන සැනසිල්ලක් සැප පහසුවක්.
මොහොතකට පෙර මට දැනුණු මගේ වරද අසම්පූර්ණත්වය මගෙන් පලාගොස් ඇති නිසා ව්‍යාජ සළු පිලි ගලවල අව්‍යාජ නග්න සිරුරින් ජීවත් වෙන්න මම තීරණය කරමි.
අදෘශ්‍යමාන සිතැඟිය අදෘශ්‍යමාන සිතැඟිය Reviewed by vijitha on 6:36:00 PM Rating: 5

No comments

Featured Posts

[Video][feat1]