එනිසයි මගේ මව්නි හිරකර ගත්තේ පෙකණිවැල ගෙල ව‍‍ටා‍ මෙලෙසින් .......... Cord Around Baby's Neck ...

Header Ads


අවිහිංසක බලාපොරොත්තු
ගොන්නක් හිත දරා
පැමිණෙමි ලෝකයට
තව මොහොතකින්
දැනේ සතු‍ට
හිත පොපියමින්.....
සිටිනා විට සතුටින්
දැනෙනා සතුට පරයමින්
රිඳුම් දුන් සිතැඟියක්
පැමිණියෙමි .....
සියොලඟම දවලමින් .....
අම්මේ ඔබේ තුරුලේ
සැතපෙන්න පෙරුම් පිරුවත්
එන්නට පෙර ලොකය දකින්නට
ඔබ කියාදුනි ....
එහි ඇති කුරිරු බව ....
කුසට අහරක් නොගෙන
කරනා මෙහය පවුල රැකගන්න
දැනුනා ඔබ හෙලනා
සුසුම් රැලි තුලින්.....
මුවින් නොදෙඩුවත්
සිතින් සිතනා හැම දේ
දැනේ මටත් එලෙසම
වැදෑමහ දෙදරමින් . . . .
කසිම හරනක් නැතිව
ගතින් හෙලනා ඩා බිඳු
නෙතින් හෙලනා කඳුලැල්
මගේ ආගමනයත් සමඟ
දැනෙයි ඔබට මහමෙරක් ලෙස
එනිසයි මගේ මව්නි
හිරකර ගත්තේ
පෙකණිවැල ගෙල ව‍‍ටා‍
මෙලෙසින් ..........
එනිසයි මගේ මව්නි හිරකර ගත්තේ පෙකණිවැල ගෙල ව‍‍ටා‍ මෙලෙසින් .......... Cord Around Baby's Neck ... එනිසයි මගේ මව්නි හිරකර ගත්තේ පෙකණිවැල ගෙල ව‍‍ටා‍ මෙලෙසින් .......... Cord Around Baby's Neck ... Reviewed by vijitha on 11:49:00 PM Rating: 5

No comments