ඇට මස් ලේ නහර වලින් සෑදුනු රොබෝවරු Lots of blood and flesh, composed of robots

Header Ads


තව කාලයක් යද්දි ආදරේ ගැන හැඟීම් ගැන කවි කථා ලියවෙන එකක් නැතිවෙයි තාක්ෂණය දියුණුවෙන්න දියුණුවෙන්න මිනිසුන් ගේ හැඟීම් දියවෙලා යනව.

හැඟීම් දැනීම් නැති රොබෝවරු අපිව පාලනය කරන කාලයක් එයි. ඇට මස් ලේ නහර වලින් සෑදුනු ඒ රොබෝවරු වෙන කවුරුවත් නෙමෙයි අපිමයි.

ආදරේ ගැන හැඟීම් ගැන දැනගන්න විවෘත කරල තියෙන ‍කෞතුකාගාරයට ඩොලර් යුරෝ ඩිනාර් රුපියල් වියදම් කරන්න වෙයි. පෝලිමේ ගිහින් ආදරේ ගැන හැඟීම් ගැන ඇස් ලොකු කරගෙන කට ඇරගෙන බලන්න වෙයි.

ඉස්කෝලෙ යන දරුවන්ට අලුත් විෂයක් එයි. කැම්පස් යන කොල්ලො කෙල්ලන්ට අලුතින් උපාධියක් ගන්න පුලුවන් වෙයි.

මේ හැම දේම අතරේ android ios windows වලට අලුත් app එකක් එයි.  කැමති හැඟිමක් Facebook Twitter Google + වල share කරන්න පුලුවන් විදියේ.
ඇට මස් ලේ නහර වලින් සෑදුනු රොබෝවරු Lots of blood and flesh, composed of robots ඇට මස් ලේ නහර වලින් සෑදුනු රොබෝවරු  Lots of blood and flesh, composed of robots Reviewed by vijitha on 11:20:00 PM Rating: 5

No comments